ජූලි මස 26 දිනට යෙදි ඇති ජගත් කඩොලාන දිනයේදී කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැදි මහතා පැවසීය.
ජූලි මස 26 දිනට යෙදි ඇති ජගත් කඩොලාන දිනයේදී කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැදි මහතා පැවසීය.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.
5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගය - 2025 අගෝස්තු 10 ඉරිදා දිවයින පුරා විභාග මධ්යස්ථාන 2787 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රට පුරා පවතින ද්විතීයික සත්කාර රෝහල්වල ගුණාත්මකභාවය සහ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන සඳහා ප්‍රතිඵල පාදක අයවැය සහාය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.
දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ “වනස්පති” – ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.
පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (14) සිට ලබන 28වනදා දක්වා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අ.පො.ස උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.
නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්. ඒ.ප්‍රේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතා ලබා දීම සඳහා තාවකාලික කමිටුවක් පසුගිය 07 වැනිදා පිහිටුවන ලදී.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Page 7 of 632