Wednesday, May 27, 2026
Follow Us
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් වසා තැබෙන ස්ථාන

2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (27) සිට ජූනි මස 2 වනදා දක්වා වෙසක් සතිය පුරාවට ඉහත ස්ථාන වසා දමන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අතර, මැයි මස 30, 31 සහ ජූනි 01 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් අවශ්‍ය කටයුතු කරන ඉල්ලා සිටී.