Saturday, December 13, 2025
Follow Us
State

අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කිරීම සඳහා වන නව රජයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීමේ අරමුණින් විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාව මත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා පත් කළ ස්වේච්ඡා උපදේශන සභාවේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

එම පත් කිරීම් සිදු කරන ලද්දේ සෑම අමාත්‍යවරයෙකුට ම ස්වකීය කාර්යය හා කර්තව්‍යයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහය වීම පිණිස උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හා නිර්දේශවලට අනුකූලවයි.

එම උපදේශන සභාවේ සාමාජිකයින් ලෙස

• පූජ්‍ය මොරකන්දේගොඩ ආරියවංශ හිමි - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය
• මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා මහතා- සම්මානිත මහාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
• මහාචාර්ය ශ්‍යාමනී හෙට්ටිආරච්චි මිය - මහාචාර්ය, ආබාධිතතා අධ්‍යයන අංශය,
වෛද්‍ය පීඨය, කැළණිය විශ්වවිද්‍යාලය
• ආනන්ද ගලප්පත්ති මහතා - ළමා වර්ගවාදය හා ගෝලීය සෞඛ්‍ය පිළිබඳ
ලැන්සෙට් (Lancect) කොමිෂන් සභාවේ කොමසාරිස්
• ආචාර්ය සෙන්ගරපිල්ලෙ අරිවලහන් මහතා - සංඛ්‍යානය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය.
යාපනය විශ්වවිද්‍යාලය
• වෛද්‍ය සයුරි රුවන්මලී පෙරේරා මහත්මිය - මනෝචිකිත්සාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාය, පේරාදෙණිය වෛද්‍ය පීඨය සහ මනෝ චිකිත්සක පිළිබඳ උපදේශක,
පේරාදෙණිය ශික්ෂණ රෝහල
• ධම්මික අලහප්පෙරුම මහතා -සභාපති, ලංකා ගුරු සේවා සංගමය
• රමිඳු පෙරේරා මහතා - කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
• රත්නායක කරුණාසිරි මහතා -විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ

• වෛද්‍ය වයි. එච්. ශෂිදර ද සිල්වා මහතා - වෛද්‍යවරුන් සඳහා වන ක්‍රීඩා
වෛද්‍ය යෝග්‍යතා ජාතික පුහුණු වැඩසටහනේ සම්පත් දායක
• ටී.ජෝන් ක්වින්ටස් මහතා - විශ්‍රාමික අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්
• ටී. එම්. ප්‍රේමවර්ධන මහතා - විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ
• ආචාර්ය ජානක ජයලත් - ජේෂ්ඨ කථිකාචාර්ය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
• ආචාර්ය වසන්ත හේරත් - ආසියා පැසිපික් මුල් ළමාවිය සංවර්ධන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත.

යන මහත්ම මහත්මීහූ සාමාජිකයින් ලෙස පත්වීම් ලබා ගත්හ.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

State
2021 වසරේදී හා ඉන් අනතුරුව ආරම්භ කරන ලද ව්යාපෘති 18ක ඉදිකිරිම් කටයුතු ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වූ ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ව්යාපෘතිවල කටයුතු නැවත ආරම්භ කර ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
State

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජාතික විගණන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

State

ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ වර්තමාන පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ  අල්ලස් හා මුදල් විශුද්ධිකරණ චෝදනා මත අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

State

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

State
අතත්ය නගර නිර්මාණය කිරීමේ ව්යාපෘතියේ (Virtual City Creation Project) නියමු ව්යාපෘතියක් ලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඵෙතිහාසික ශ්රී දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය, Virtual City in Kandy නමින් නිර්මාණය කිරීම සඳහා හඳුනාගනු ලැබ තිබේ.
State

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර ලැබ ඇත.

State

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

State

 'Clean Sri Lanka' වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

State

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.

State

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව  විභාගය අද  (10) දිවයින පුරා මධ්‍යස්ථාන 2787කදී  පැවැත්වෙයි.

State

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

State

වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා බද්ධ වූ, අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයක් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් එලැඹි තීරණයක් මත දැනට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය විසින්, ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) සමඟ පළාත් අධ්‍යාපන තොරතුරු පද්ධති සම්බන්ධීකරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් අගෝස්තු 12 දින අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී පැවැත්විණි.

State

 අ.පො.ස.(උ.පෙළ) විභාගය - 2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා 2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුල අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට 2025.08.07 දින සිට 2025.08.12 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State
දශකයකට පසු ධීවර ක්ෂේත්රය නවීකරණයට සහ ඩිජීටල්කරණයට යොමු කෙරේ
වසර දහයකට අධික කාලයකට පසු මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඉලක්ක කරගත් "ජාතික ධීවර යාත්රා සංගණනය - 2025", ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතාගේ සහ නියෝජ්ය අමාත්ය රත්න ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් අද (04) දින පානදුර ධීවර වරායේදී නිල වශයෙන් ආරම්භ විය.
State
ශ්රී ලාංකිකයන්ගේ පෝෂණය පිළිබඳ සෞඛ්ය ප්රවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය හා ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් “Healthy food - Happy Life “ සුවදායි ජීවිතයකට සෞඛ්යවත් /සුරක්ෂිත ආහාර ජාතික මාධ්ය මෙහෙවර වැඩසටහනක් ක්රියාත්මක කිරිමට අපේක්ෂා කෙරේ.
State

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අදින් (07) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

State

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

එම ගැසට් නිවේදය පහත සදහන් වේ.