නාගරික සංවර්ධන අධිකාරියේ, ව්යාපෘති අධ්යක්ෂවරයෙකු වූ ශ්රී ලංකා යුධ හමුදාවේ විශ්රාමික බ්රිගේඩියර්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉන්ධන මිල ඊයේ මධ්යම රාත්රියේ සිට සංශෝධනය කිරීමට තීරණය කළ අතර ඒ අනුව සෑම වර්ගයේ ම ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.
රජයේ ක්රියාත්මක වන QR කේත ක්රමය හා වාහන අංකය (ඔත්තේ/ඉරට්ටේ) අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුවන බැවින් ඉන්ධන පිරවුම්හල් අසළ වාහන පෝලිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් හෙට (23) පෙ.ව.6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී කොළඹ මහා නගර සභාව තීරණය කර තිබේ.
ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්රමවේදය තුළ දැනට පවතින තාක්ෂණික බාධාවන් අද(17) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම මඟහැරී යනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්රාප්තික සමාගම් හයක් පිහිටුවීමට විධිවිධාන සලසමින් බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල් ප්රභාත් චන්ද්රකීර්ති මහතා පැවසීය.
විශේෂයෙන්ම මෙම මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය සහ මධ්යස්ථභාවය වන්නේ අපේ භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීමයි.
මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්යාංශය සඳහන් කරයි.
ජාත්යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්යාපන ආයතන සහ වෘත්තීය අධ්යාපන ආයතන සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ පළ වන තොරතුරු අසත්ය බව ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Page 9 of 648