Tuesday, March 31, 2026
Follow Us
සියලුම රජයේ සේවකයින් නවීන ඩිජිටල් වේදිකාවක්
සියලුම රජයේ සේවකයින් සඳහා සන්නිවේදනය සහ සහයෝගිතාවය සඳහා ආරක්ෂිත සහ නවීන ඩිජිටල් වේදිකාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 626ක ඇස්තමේන්තුගත මුළු ආයෝජනයක් යටතේ 2026 වර්ෂය තුළ 'ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව' ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

 

ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්රියාත්මක කිරීම පිණිස 2025-10-21 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
 
ඒ යටතේ ජාතික ප්රතිපත්ති රාමුවට සහ සවිබල ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන දැක්මට අනුකූලව රාජ්ය අංශය නවීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්ය නිලධාරින්ට පහසුකම් සැලසීම සඳහා අවශ්ය කෘත්රිම බුද්ධි මෙවලම් ද ඇතුළත් ඩිජිටල් සන්නිවේදන හා සහයෝගිතා වේදිකාවක් ස්ථාපිත කිරීමේ අවශ්යතාව හඳුනා ගනු ලැබ ඇත.