Tuesday, November 04, 2025
Follow Us
State

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වයිරස ප්‍රභේදයක් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් ඇති බවට අනතුරු අඟවා ඇතැයි ද එබැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලු ස්ථානයන් හි කටයුතු කිරීමේ දී මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස සියලුම කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට දන්වමින්   “මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කිරීම” යන ශීර්ෂය යටතේ බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් නිකුත් කළ 2025.06.02 දිනැතිව බස්නාහිර පළාත් සභාවේ සියලුම ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යවා ඇත.

State

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ.

State

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය -2025 පාසල් හා පෞද්ගලික පාසල් අයදුම්කරුවන් වෙතින් අයදුම්පත් කැඳවා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

2024 වර්ෂයේ අ.පො.ස.(උසස් පෙළ) සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකරනු ලැබේ.

State

සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මැයි මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දිමනාව මැයි 22 දින සිට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

State
පොදු ප්රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්යාපෘතියක් ලෙස මෙට්රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
State

2024 අ. පො. ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

State

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12.00 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

State

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

State
ගාලු මුවදොර කෙලවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර 400ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
State
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්යායතනයේ ප්රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ.
State

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (1) දහවල් සිට යථා තත්ත්වයට පත් කළ බව වාර්තා වෙයි.

State

දැනටමත් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් 'GovTech (Pvt) Limited' නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

State

කම්කරු දෙපාර්තමේන්තුව මගින් සේවා සපයක සේවක අරුථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් හෙට (21) සිට මැයි 23වැනිදා දක්වා අත්හිටුවන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

State

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

State

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, පුළුල් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සීමිත වගකීම් සමාගමක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

State
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශයේ ලේකම් ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පත් කරනු ලැබ ඇත.