Tuesday, April 07, 2026
Follow Us
රාජ්‍ය සේවයේ බදාදා නිවාඩුව අවලංගු කෙරේ - හෙට සිට රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි

මැද­පෙ­ර­දිග කලා­පය තුළ ඇතිව තිබෙන යුද ගැටුම් මුල්ක­ර­ගෙන ඇතිවූ ඉන්ධන අර්බු­දය කළ­ම­නා­ක­ර­ණය කරගනි­මින් රටේ අත්‍ය­වශ්‍ය සේවා­වන් කාර්ය­ක්ෂ­මව පව­ත්වා­ගෙන යෑම සඳහා රජයේ කාර්යා­ල­ව­ලට ලබා­දුන් බදාදා දින නිවා­ඩුව හෙට (08) සිට අව­ලංගු කිරී­මට තීර­ණය කළ බව ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අත්‍ය­වශ්‍ය සේවා කොම­සා­රිස් ජන­රාල් ප්‍රභාත් චන්ද්‍ර­කිර්ති මහතා සඳහන් කරයි.

 ඒ බව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාට ඊයේ (06) දැනුම් දී තිබේ.

එහි පිට­පත් අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් වෙතත්, අධි­ක­රණ සේවා කොමි­ෂන් සභාවේ ලේක­ම්ව­රයා ‍ වෙතත් යොමු­කර ඇති අතර හෙට සිට  රජයේ කාර්යාල, පාසල් මෙන්ම අධි­ක­රණ කට­යු­තුද සුපු­රුදු පරිදි පැවැ­ත්වෙනු ඇත.