Wednesday, March 25, 2026
Follow Us
අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වැඩිහිටි දීමනා ගෙවීම පිළිබඳ දැනුම්දෙයි

අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වැඩිහිටි දීමනා ගෙවීම පිළිබඳ  සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට 2026 මාර්තු මස වැඩිහිටි දීමනා ලෙස රු. 3,112,310,000.00 ක මුදලක් හා දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 71,339 දෙනෙකුට 2026 මාර්තු මස වැඩිහිටි දීමනා ලෙස රු 356,695,000.00 ක මුදලක් 2026 මාර්තු මස 26 දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරනු ලැබේ.

අදාළ ප්‍රතිලාභීන්ට තම ප්‍රතිලාභී දීමනාව 2026 මාර්තු මස 26 වන දින සිට තම අස්වැසුම ප්‍රතිලාභ ගිණුම මඟින් ලබාගත හැකි බව එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම්දෙයි.