විදුලිය හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය හා ව්‍යවස්ථාපිත අයතනවලට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ
ඒ අනුව පහත සඳහන් පියවර අනුගමනය කරන ලෙසයි ඔහු දන්වා සිටින්නේ.
අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර:
-
ප.ව. 3.00 ට: සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීම. (පෞද්ගලික අංශයටද මෙයට සහාය වන ලෙස ඉල්ලා සිටී.)
-
ප.ව. 6.00 - 10.00: වීදි ලාම්පු නිවා දැමීමට පළාත් පාලන ආයතන පියවර ගැනීම.
-
ප.ව. 8.00 න් පසු: ප්‍රදර්ශන පුවරු සහ දැන්වීම් පුවරු සඳහා වන විදුලි ආලෝකය නිවා දැමීම.
-
විශාල උත්සව: පුද්ගලයන් 100 කට වැඩි සහභාගිත්වයෙන් පවත්වන උත්සව සඳහා ජාතික විදුලි පද්ධතියෙන් බැහැරව විදුලිය සපයා ගැනීම.
අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කර රටේ අනාගතය සුරකිමු