මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජාතික වෙසක් මහෝත්සවය පැවැත්වීමට තිරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නිලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය 'අභිත්ථරෙථ කල්‍යාණෙ' (පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු) යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කර තිබේ.
අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි 2026 වර්ෂයේ (ශ්‍රී බුද්ධ වර්ෂ 2570) රාජ්‍ය වෙසක් උත්සවය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීම සුදුසු බවට හඳුනාගනු ලැබ ඇත.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළ අතර 2026 වර්ෂයේ මැයි මස 27 දින සිට ජුනි මස 02 දින දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද තීරණ්‍ය කර තිබෙන බව ද සඳහන් කළේය.
එම කාලසී මාව තුළ විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධාන කර රට පුරා ක්‍රියාත්මක කිරීමට ද අනුමැතිය ලැබී තිබේ.