Tuesday, March 31, 2026
Follow Us
පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛ උපදෙස්
මෙම වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි, පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 

2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාව තුළ පවත්වා ගනිමින් හා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී පැවති ක්‍රමවේදය විධිමත් කරමින් පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛ, උපදෙස් නිකුත් කිරීම සඳහා 2025-09-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, 2025-09-09 දිනැතිව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 27/2025 නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වී ඇති බැවින්, එකී ගැටලුවලට විසඳුම් ලැබෙන පරිදි සහ පෙර චක්‍රලේඛය මඟින් හඳුන්වා දෙනු ලැබ ඇති සංශෝධනයන්ට බලපෑමක් ඇති නොවන අයුරින් නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.