විදුලි ගාස්තු සංශෝධන වලදී ද ගල් අගුරු තත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකරන බවට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඒකමතික තීරණයක් ගෙන තිබේ.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී සලකා බලනුයේ විදුලිය ජනනය, සම්ප්රේශණය සහ බෙදාහැරීම සදහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා. පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදී ද ගල් අගුරු තත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නැත. ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදී ද ගල් අගුරු තත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුලත් නොකිරීම සදහා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.