Tuesday, April 07, 2026
Follow Us
ජාතික මට්ටමේ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩීකාවන්ට රැකියා අවස්ථා
ජාතික හා ජාත්යන්තර මට්ටමේ සුවිශේෂී හැකියාවන් සහිත හා ජයග්රහණ අත්කර ගත් ක්රීඩක ක්රීඩිකාවන් රැසක් මෙරටින් බිහි වී ඇතත්, ස්ථාවර රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ඔවුන් අකාලයේ තම ක්රීඩා ජීවිතයෙන් සමුගැනීමේ ප්රවණතාවක් දක්නට ලැබේ.

 

එමෙන්ම, එම තත්ත්වය අදාළ ක්රීඩක ක්රීඩිකාවන්ගේ කුසලතා රඳවාගැනීම, උසස් කාර්යසාධනයක් පවත්වා ගැනීම සහ ජාත්යන්තර තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා ශ්රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි ඍණාත්මක බලපෑමක් එල්ල කර ඇත.
 
ක්රීඩක ක්රීඩිකාවන් සඳහා ත්රිවිධ හමුදාව තුළ ලබා දිය හැකි ස්ථිර රැකියා අවස්ථාවන් සංඛ්යාව ද ප්රමාණවත් මට්ටමක නොපවතින අතර, තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල පවතින ක්රීඩා ක්ෂේත්රයේ ස්ථිර රැකියා අවස්ථා සංඛ්යාව ද සීමිත බව හඳුනාගෙන තිබේ.
 
එබැවින්, ජාතික ක්රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්රීඩක ක්රීඩිකාවන් රඳවා තබා ගැනීම සහ ජාත්යන්තර ජයග්රහණ සඳහා දිරි දීම අරමුණු කර ගනිමින් ක්රීඩක ක්රීඩිකාවන්ගේ දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීමට හැකි වන පරිදි විනිවිද පෙනෙන, සාධාරණ හා කුසලතා මත පදනම් වූ තෝරා ගැනීමේ ක්රියාවලියක් තුළින් රාජ්ය, අර්ධ රාජ්ය හා ව්යවස්ථාපිත ආයතනවල රැකියා අවස්ථා ලබා දීමට යෝග්ය ප්රතිපත්ති රාමුවක් සකස් කිරීම සඳහා තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.