Tuesday, April 07, 2026
Follow Us
ගාලු කොටුවේ පැරණි උසාවි සංකීර්ණයේ සංචාරක ව්‍යාපෘතියක්
ගාල්ල, බෙලිගහ ප්රදේශයේ ඉදි කර ඇති නව අධිකරණ සංකීර්ණය තුළ දැනට ගාලු කොටුවේ පවත්වා ගෙන යනු ලබන මහාධිකරණය සහ මහේස්ත්රාත් අධිකරණය ස්ථාපිත කර, එම ගොඩනැගිලි සංචාරක ප්රවර්ධන ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

 

ගාල්ල කොටුව නැරඹීම සඳහා සහ තම විවේකී කාලය එහි ගත කිරීම සඳහා වසරකට ලක්ෂ 03කට අධික දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් එම ස්ථානය වෙත පැමිණෙති. එහෙත්, පරිපාලන සහ ආයතනික කටයුතු සඳහා යොදා ගැනෙන ගොඩනැගිලි බහුලව පවතින ගාල්ල කොටුවේ ඇතැම් මාර්ගයන් දිවා කාලයෙහිදී රථ වාහන තදබදයෙන් යුක්තවීම සහ රාත්රී කාලයේදී හුදෙකලා බවට පත් වීම හේතුවෙන් සංචාරකයන්ට එම ප්රදේශය භාවිත කිරීමේදී විවිධ බාධාවන්ට මුහුණ පෑමට සිදු වී ඇත.
 
මේ නිසා ගාල්ල කොටුවේ පවතින පුරාවිද්යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිලි සංරක්ෂණය කරමින් සංචාරක භාවිතයට යොදා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ' ගාල්ල පුර්නජිවන ව්යාපෘතිය' ලෙස ඒකාබද්ධ සංවර්ධන ව්යාපෘති වැඩසටහනක් ද සැලසුම් කර ඇති අතර එම වැඩසටහන යටතේ ගාල්ල, බෙලිගහ ප්රදේශයේ නව අධිකරණ සංකීර්ණය ඉදිකර තිබේ.