Tuesday, May 05, 2026
Follow Us
කැලණිය විශ්වවිද්‍යාලයට ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක්
කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලඅනුමැතිය ලැබී ඇත.
 
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ හඳුනගනු ලැබ ඇති කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය 2026-2027 වර්ෂයන් තුළ රුපියල් මිලියන 476ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එබැවින්, දැනට උපාධි අපේක්ෂකයින් 16,368ක්, පශ්චාත් උපාධි අපේක්ෂකයින් 1,114ක් සහ ලියාපදිංචි වී ඇති බාහිර උපාධි අපේක්ෂකයින් 56,619ක් මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය 1,700ක් පමණ වන කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලීන් වසර 02ක් ඇතුළත ඩිජිටල්කරණය කිරීම සඳහා සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.

එකී ව්‍යාපෘතිය යටතේ විශ්වවිද්‍යාලයේ පද්ධති සහ මෙහෙයුම් නවීකරණය කිරීමෙන් සේවා සැපයීම වැඩිදියුණු කිරීම, පුළුල් පරාසයක සිසුන් ආකර්ශනය කර ගැනීම සහ මූල්‍ය තිරසර භාවය සුරක්ෂිත කර ගැනීම ආදී ප්‍රතිලාභ අත්කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි.