Tuesday, June 09, 2026
Follow Us
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ නිලධාරිනි, එම්. කේ. ඩී. එන්. මාදම්පේ මහත්මිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්රියාත්මක වන පරිදි පත් කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

 

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ විමල් එස්.කේ. ලියනගම මහතා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම මත මේ වන විට පුරප්පාඩුව පවතින එම තනතුරට සුදුසු නිලධරයෙකු පත් කිරීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් විසින් කමිටුවක් පත් කෙරිණි.