Wednesday, July 01, 2026
Follow Us
මධ්‍ය අධිවේගී මාර්ගයේ තවත් අදියරයක ප්‍රසම්පාදනයට අනුමැතිය
මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතියේ අදියර - 4 වන මාර්ග කොටසෙහි (කුරුණෑගල සිට දඹුල්ල දක්වා) අදියර - 1 ඉදිකිරීම සඳහා වන ප්රසම්පාදනය (කුරුණෑගල සිට ගලේවෙල දක්වා) සඳහා අනුමැතිය හිමි තිබේ.

 

මෙම ව්යාපෘතියේ අදියර 4 සඳහා 2026 මාර්තු 03 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය ලබාදී ඇති අතර, අරමුදල් සපයා ගැනීම පිළිබඳව පත් කළ විශේෂ කමිටුවේ සාකච්ඡා අනුව එය අදියර දෙකකින් ක්රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව, පළමු අදියර ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා (කිලෝමීටර් 78+000 සිට 116+500 දක්වා) කිලෝමීටර් 38.5ක මාර්ග කොටස ශ්රී ලංකා රජයේ අරමුදල් භාවිතයෙන් ක්රියාත්මක කිරීමට නියමිතයි.