ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමවේදය තුළ දැනට පවතින තාක්ෂණික බාධාවන් අද(17) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම මඟහැරී යනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමට විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2026 අයවැය මගින් යෝජිත, රාජ්‍ය නිලධාරින්ගේ දේපළ ණය සීමාව ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
විශේෂයෙන්ම මෙම මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය සහ මධ්‍යස්ථභාවය වන්නේ අපේ භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීමයි.
බහරේන් රාජධානියේ වාසය කරන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තානාපති කාර්යාලය විසින් දැනුම් දෙන්නේ, බහරේන් රාජධානියේ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් සහ අනතුරු ඇඟවීම් දැඩි අවධානයෙන් අනුගමනය කරමින් සුරක්ෂිතව සිටින ලෙසයි.
මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මැදපෙරදිග රටවල මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරන බවත්, එරටවල සිටින ලාංකිකයන්ට ඒ ඒ රටවල රජය විසින් ලබා දී ඇති උපදෙස් සහ ශ්‍රී ලංකා තානාපති හා කාර්යාල හරහා ලබා දී ඇති මගපෙන්වීම තරයේ පිළිපදින ලෙස විදේශ කටයුතු, විදේශ රැකිය සහ සංචාරක අමාත්‍යංශය ඉල්ලා සිටි.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට තීරණය කළ අතර ඒ අනුව සෑම වර්ගයේ ම ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.
මෙම වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත සහ වාචික අදහස් හා යෝජනා ලබා ගැනීම මාර්තු 18 දක්වා සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
Page 4 of 642