Sunday, August 09, 2026
Follow Us
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක දී ශිෂ්‍යවත්ව විභාගය අද පැවත්වෙයි
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගය අද (09) උදෑසන 9.30ට දිවයින පුරා විභාග මධ්යස්ථාන 2,723ක පැවැත්වීමට නියමිතයි. ශිෂ්යත්ව විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්යස්ථාන වෙත ළඟාවන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබේ.
ප්රථමයෙන්ම දෙවන ප්රශ්න පත්රය ලබා දෙන අතර එය පෙරවරු 9.30 ට ආරම්භවී පෙරවරු 10.45ට අවසන් වීමට නියමිතයි.
අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්රශ්න පත්රය සඳහා හිමි වේ.
එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් දැනුම්දී තිබේ.