Tuesday, August 04, 2026
Follow Us
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානි වූ සහ ආපදාවට ලක් වී ඇති ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ යටිතල පහසුකම් ප්රතිසංස්කරණය කිරීමට හඳුනාගත් ව්යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ආයතන යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 8,322.96ක් වැය වේ.
 
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 7,005.69ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ ව්යාපෘති 10ක් ක්රියාත්මක කිරීම.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 1,292.06 ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ ව්යාපෘති 07 ක් ක්රියාත්මක කිරීම.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් රුපියල් මිලියන 25.21 ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ එක් ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම. 
 
 
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ යටිතල පහසුකම්, ජලජීවී වගා පහසුකම්, ධීවර වරායන් සහ අනෙකුත් වත්කම්වලට සැලකිය යුතු හානි සිදු වී තිබේ.
 
එම හානි සම්බන්ධව සිදු කළ තාක්ෂණික ඇගයීම් අනුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ලංකා ධීවර සංස්ථාව සහ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යන ආයතන යටතට පැවරී ඇති ධීවර කර්මාන්තයට සම්බන්ධිත විෂය පථය තුළ සමස්ත වශයෙන් සිදු වූ හානිය රුපියල් මිලියන 9,496.59 ක් බව ඇස්තමේන්තු කර ඇත.