කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මහජනතාව සහ රියදුරන් සඳහා විශේෂ උපදෙස්:
-
අවධානයෙන් පසුවන්න: කැලණි ගඟ ද්‍රෝණියට අයත් පහත් බිම්වල පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
-
ගමනාගමනයේදී ප්‍රවේශම් වන්න: එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල (විශේෂයෙන් අතුරු මාර්ගවල) ධාවනය වන වාහන පදවන්නන් ගංවතුර තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
තවද, පවතින අවදානම් තත්ත්වය හමුවේ අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආපදා කළමනාකරණ අංශවලින් ද ඉල්ලීමක් කර ඇත.