Tuesday, July 21, 2026
Follow Us
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග වැඩි දියුණු කිරීමට තීරණයක්
මෙරට A සහ B ශ්රේණිවල මාර්ග, අධිවේගී මාර්ග සහ ඒවාට අදාළ පාලම් ඇතුළත් ජාතික මහා මාර්ග පද්ධතිය ඉදි කිරීම, ප්රතිසංස්කරණය කිරීම, වැඩි දියුණු කිරීම, නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම යන කාර්යයන් සිදු කිරීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත.
 
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන, වෙනත් බලධාරින් යටතේ පවතින හා කඩිනමින් ප්රතිසංස්කරණය කළ යුතුව පවතින මාර්ග, මාර්ග සංර්වර්ධන අධිකාරිය වෙත පවරා ගෙන ප්රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සහ වෙනත් ආයතන විසින් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබ ඇත.
 
ඒ අනුව, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන වලට අයත් එවැනි මාර්ග 60ක් පමණ හඳුනාගෙන තිබේ. එකී මාර්ග ප්රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් නියෝජනයන්ගෙන්  සමන්විත වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව පහත සඳහන් පරිදි එම පත්කිරීම් සිදු කරනු ලබයි.
 
* මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය
* ප්රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශය
* රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශය
* මුදල් කොමිෂන් සභාව
* පළාත් ප්රධාන ලේකම්වරයෙකු
* කළමනා කරණ සේවා දෙපාර්තමේන්තුව
* මාර්ග සංවර්ධන අධිකාරිය
*පළාත් මාර්ග සංවර්ධන අධිකාරියක සාමාන්යාධිකාරිවරයෙකු