Tuesday, July 28, 2026
Follow Us
 රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි අදියර - 1 ක්‍රියාත්මක කිරීමට සුදුසු කොත්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට අනුමැතිය
දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළත් කර රුවන්පුර අධිවේගී මාර්ග ව්යාපෘතියෙහි අදියර - 1 ක්රියාත්මක කිරීමට සුදුසු කොත්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. 
කහතුඩුවේ දී ඉදිකරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව රුවන්පුර අධිවේගී මාර්ග ව්යාපෘතියේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර - 1 මාර්ග කොටස ඉදි කිරීම සඳහා වන ප්රසම්පාදන ක්රියාවලිය 2026 වර්ෂය තුළ දී නිම කර අදාළ කොන්ත්රාත්තු ප්රදානය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත.
 
ඒ අනුව, 2026 වර්ෂයේ අනුමත ප්රතිපාදන තුළ දේශීය අරමුදල්වලින් රුපියල් බිලියන 15 ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාළ ප්රසම්පාදන ක්රියාවලිය ක්රියාත්මක කිරීමට සුදුසු කොන්ත්රාත්කරුවකු තෝරා ගැනීමට මෙම තීරණය ගෙන තිබේ.