නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් නාගරික අඩු පහසුකම් ජනාවාසයන්හි ජීවත් වන ප්රජාව සඳහා ක්රියාත්මක කරන ලද අඟුලාන සයුරුපුර, බොරැල්ල සහස්පුර හා සිංහපුර අදියර I සහ සිංහපුර අදියර II යන නිවාස සංකීර්ණවල නිවාසලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ආරක්ෂාව සහතික කිරීම හා ගොඩනැගිලිවල කල් පැවැත්ම වැඩි කර ගැනීම සඳහා අත්යවශ්යයෙන් සිදු කළ යුතු අලුත්වැඩියාවන් කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇත.
ඒ සඳහා රුපියල් මිලියන 764.09 ක මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ.
ඒ අනුව, භාණ්ඩාගාරයේ අරමුදල් භාවිත කරමින් 2026 සහ 2027 වර්ෂයන් තුළදී එකී අලුත්වැඩියාවන් නිම කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.