Tuesday, July 21, 2026
Follow Us
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 600ක්
2026 වර්ෂයේ දී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54 කින් සමන්විත Standard මාදිලියේ නව බස් රථ 600ක් මිල දී ගැනීමේ ව්යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 14,400ක අයවැය ප්රතිපාදන වෙන් කරනු ලැබ ඇත.
 
එලෙස ප්රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව, මාර්ග ආරක්ෂණ සැලැස්ම - 2025-2026 හඳුන්වා දී ඇත.
 
එකී සැලැස්ම යටතේ මගී ප්රවාහනය සඳහා යොදා ගනු ලබන බස් රථ ආරක්ෂිත වාහන ලෙස හඳුනාගනු ලැබ තිබේ.
 
ඒ අනුව, නගරාන්තර හා දුරගමන් සේවා සඳහා භාවිතයට සුදුසු බස් රථ වර්ග සහ ඒවායේ අවම පිරිවිතර පිළියෙල කරනු ලැබ ඇත.
 
එම පිරිවිතරයන්ට අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) බස් රථ සේවයේ යෙදවිය යුතු වේ.
 
ඒ අනුව, දැනටමත් ප්රතිපාදන වෙන් කරනු ලැබ ඇති Standard මාදිලියේ නව බස් රථ 600 වෙනුවට Deluxe මාදිලියේ (වායු සමනය කරන ලද) වඩා සුව පහසු බස්රථ මිල දී ගැනීම පිණිස ඉදිරි පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.