කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශ රැසකට හෙට (04) පැය 12ක් පුරාවට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවනු ලැබෙන බව ජල සම්පාදන මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.
තවද, දෙහිවල ජල පොම්පාගාරය සහ මාළිගාවත්ත එළි හවුස් පොම්පාගාරය ආශ්‍රිතව සිදුකරන විදුලිබල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුත්තක් ද සිදුකෙරෙනු ඇති බව එහි දැක්වේ.
මේ අනුව, සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා සිදුවන මෙම ජල සැපයුම අත්හිටුවීම පහත සඳහන් ප්‍රදේශ වලට බලපානු ඇත.
කොළඹ 01 සිට 15 දක්වා
බත්තරමුල්ල
පැලවත්ත
හෝකන්දර
කොස්වත්ත
තලවතුගොඩ
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
රාජගිරිය
මිරිහාන
මාදිවෙල
නුගේගොඩ
නාවල
කොළොන්නාව
IDH
කොටිකාවත්ත
අංගොඩ
වැල්ලම්පිටිය
ඔරුගොඩවත්ත
කඩුවෙල
මහරගම
බොරලැස්ගමුව
පිළියන්දල
මෙම කාලසීමාව සඳහා අවශ්‍ය ජලය පෙර සූදානම් කර තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින ලෙසද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනයාගෙන් ඉල්ලා සිටියි.