Wednesday, July 01, 2026
Follow Us
යාපනය නගර සභා ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් සම්පූර්ණ කිරීමට අනුමැතිය

යාපනය නගර සභා ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්යාපෘතියේ අදියර - 2 දක්වා සම්පුර්ණ කිරීමේ කාර්යයන්, එම ව්යාපෘතියේ කොන්ත්රාත්කරු වන මධ්යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම මඟින් රුපියල් මිලියන 1,958.85 ක (බදු රහිත ) සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ සිදු කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

යාපනය නගර සභා ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්රාත්තුව මධ්යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගම වෙත පිරිනැමීම පිණිස 2019-09-10 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
 
එකී ඉදිකිරීම් කටයුතු 2019-10-10 දින ආරම්භ කර 2022 වර්ෂය වන විට 70%ක් පමණ භෞතික ප්රගතියක් අත්කර ගෙන ඇත. එහෙත්, 2022 වසරේදී මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ප්රමාණවත් ප්රතිපාදන නොමැති වීම මත එම ව්යාපෘතිය මුලික කොන්ත්රාත් කාලසීමාව තුළ නිම කිරීමට නොහැකි වී තිබේ.
 
රාජ්ය ආයෝජන අධීක්ෂණ හා ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව, වායුසමන පද්ධතිය ඇතුළු එකී ගොඩනැගිල්ලේ අදියර - 2 දක්වා වන ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට මේ වන විට සැලසුම් කරනු ලැබ ඇත.
 
එම ඉදිකිරීම් වලින් අනතුරුව, යාපනය මහ නගර සභාවේ කාර්යයන් පවත්වා ගෙන යාම සඳහා ගොඩනැගිල්ල භාර ගැනීමට යාපනය මහ නගර සභාව විසින් එකඟතාව පළ කර තිබේ.