මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 315ක විදාතා සම්පත් මධ්‍යස්ථාන පිහිටුවා ඇත. වත්මන් විදාතා මෙහෙයුම් ආකෘතිය, ව්‍යුහාත්මක ලෙස නම්‍යශීලී නොවන මට්ටමක පවතින බැවින් සහ යාවත්කාලීන නොවුණු කුසලතා සහ සම්මත වැඩසටහන් මත පදනම් වී තිබෙන බැවින්, සීග්‍රයෙන් වෙනස් වන ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතා, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අවදානම් සහගත තත්ත්ව සහ නූතන තාක්ෂණික දියුණුව සමඟ අනුගත වීමට අපොහොසත් වී තිබේ.
එබැවින්, දිවයින පුරා පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථාන 315ම ආවරණය වන පරිදි 2026‑2030 උපායමාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025-11-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ යටතේ, විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ ඒකකය, සේවා සහ ආධාරක හා බුද්ධිමය දේපළ ඒකකය සහ තත්ත්ව හා ප්‍රමිති ඒකකය ලෙස එකිනෙකට සම්බන්ධිත විශේෂිත ඒකක තුනක් යටතේ සෑම විදාතා සම්පත් මධ්‍යස්ථානයක්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.