හඳුන්වා දී ඇති අවශ්‍යතා අනුව 2026-2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රමුඛතා කාර්යයක් සේ සලකා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ සමස්ත මහජනතාව වෙත ආරක්ෂාකාරී, ඵලදායී, ගුණාත්මක සහ දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීම යන රජයේ ප්‍රමුඛ සෞඛ්‍ය ප්‍රතිපත්ති අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
2005 වර්ෂයේදී සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම සඳහා 2020 සිට 2025 දක්වා යන කාලවකවානුව තුළ මූලික කටයුතු ආරම්භ කරනු ලැබ ඇති නමුත්, එම කාර්යය අවසන් වී නොමැත.
මේ දක්වා පැවති ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම්, වර්තමාන සෞඛ්‍ය අවශ්‍යතා, ගෝලීය ඖෂධ වෙළඳපොළේ සිදු වී ඇති වෙනස්කම්, ඖෂධ සැපයුම් දාමයේ අභියෝග සහ දේශීය ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ නව අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, 2026-2030 කාලසීමාව සඳහා යාවත්කාලීන ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන අයුරින් සකස් කරනු එම ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු වේ.
- ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවලට අදාළ වන ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල, ගුණාත්මක හා ආරක්ෂිත ඖෂධ තිරසර හා සාධාරණ ආකාරයකින් දැරිය හැකි මිලකට ලබා ගැනීම සහතික කිරීම.
- සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සහ පාරිභෝගිකයින් විසින් විද්‍යාත්මකව නිවැරදි, පිරිවැයඵලදායී වෛද්‍ය නිෂ්පාදන භාවිතය තුළින් ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සහ නාස්තිය වැළැක්වීම.
- සහතික කළ ප්‍රත්‍යක්ෂභාවය, ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහිත අත්‍යවශ්‍ය වෛද්‍ය නිෂ්පාදන කාර්යක්ෂමව දේශීයව නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම.