Thursday, September 03, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ රැස­කට පැය 24ක් වතුර නෑ

අඹ­තලේ ජල පවි­ත්‍රා­ගා­රය මඟින් වඩාත් ගුණා­ත්මක ජල සේවා­වක් ලබා­දීම සඳහා කරන අත්‍ය­වශ්‍ය නඩත්තු කට­යු­ත්තක් හේතු­වෙන් ප්‍රදේශ රැසක ජල සැප­යුම පැය 24ක කාල­යක් සඳහා තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සිදු­වන බව ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය පව­සයි.

ඒ අනුව, අද (03) රාත්‍රී 8.00 සිට හෙට (04) රාත්‍රී 8.00 දක්වා මෙම ජල සැප­යුම අත්හි­ටු­වයි. මෙම කාලය තුළ නුගේ­ගොඩ, කොහු­වල, දෙහි­වල, ගල්කිස්ස, රත්ම­ලාන, මොර­ටුව, රාව­තා­වත්ත, සොයි­සා­පුර, අඟු­ලාන, ඉඳි­බැද්ද, කටු­බැද්ද, කල්දෙ­මුල්ල, මෝදර, කොර­ළ­වැල්ල, එගො­ඩ­උ­යන සහ කටු­කු­රුන්ද, සෙත්සි­රි­පාය, කොටි­කා­වත්ත මුල්ලේ­රි­යාව ප්‍රදේ­ශයේ හිඹු­ටාන, උඩු­මුල්ල පාර, මාලි­ගා­ගො­ඩැල්ල, බැංකු හන්දිය හා අවට ප්‍රදේශ, ශාන්ති මාවත, රෝහල් වට­ර­වුම් පාර සහ ජයන්ති මාවත, කොළඹ 06 ප්‍රදේ­ශයේ ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර සහ කල්‍යාණි මාවත යන ප්‍රදේ­ශ­ව­ලට ජල සැප­යුම තාව­කා­ලි­කව අත්හි­ට­වනු ලබයි.

ජල සැප­යුම අත්හි­ටු­වීම හේතු­වෙන් පාරි­භෝ­ගි­ක­යන්ට සිදු­වන අප­හ­සු­තාව පිළි­බ­ඳව ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය සිය කන­ගා­ටුව පළ කර සිටියි. එබැ­වින්, අප­හ­සුතා මඟ­හ­රවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස් කර­ගන්නා ලෙසත්, එම රැස්කර ගන්නා ජලය අර­පි­රි­මැ­ස්මෙන් පරි­භෝ­ජ­නය කරන ලෙසත් මණ්ඩ­ලය පාරි­භෝ­ගික ජන­තා­ව­ගෙන් කාරු­ණි­කව ඉල්ලා සිටී.