Friday, February 27, 2026
Follow Us
කොළඹ උතුර කොට්ඨාසයට නවීන පහසුකම් සහිත ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිල්ලක්
නවීන පහසුකම් සහිතව මෝදර පොලිස් ස්ථානය තුල ඉදිකළ කොළඹ උතුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ නව ගොඩනැගිල්ල ඊයේ(21) පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරිණි.
 
ප්රදේශයේ ළමුන්ට සහ කාන්තාවන්ට, තමන්ට ඇතිවූ ගැටලුවක් සම්බන්ධව හෝ මුහුණපෑමට සිදුවූ අපරාධයක් සම්බන්ධව සිය පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හැකි සුදුසු වටපිටාව ඇතිකරලීම, ඔවුනට සිදුවන අපරාධ වැළැක්වීම සඳහා ක්රියාත්මක වීමට සුදුසු රාජකාරි පරිසරය ඇතිකිරීම, මෙලෙස නවීන පහසුකම් සහිතව ක්රමවත්ව ළමා හා කාන්තා කාර්යංශය ස්ථාපිත කිරීමේ අරමුණයි.