බොරැල්ල, ඩී.එස්. සේනානායක මංසන්ධිය ආශ්‍රිත මාර්ග කොටසක් අද (20) රාත්‍රී 10.00 සිට තාවකාලිකව වසා තැබීමට කොළඹ රථවාහන කොට්ඨාසය පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
කොළඹට ඇතුළු වන මංතීරුවේ පිහිටි මලාපවහන පද්ධතියක ඇති වූ පිටාර ගැලීමක් පිළිසකර කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර, අලුත්වැඩියා කටයුතු අවසන් වන තෙක් අදාළ මාර්ග කොටසේ ගමනාගමනය සීමා කෙරේ.
මේ හේතුවෙන් රියැදුරන්ට සහ මහජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා අවම කරගැනීම සඳහා පොලිසිය විසින් පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටී
විකල්ප මාර්ග වැලිකඩ දෙස සිට පැමිණෙන වාහන ආයුර්වේද හන්දියෙන් කොටා පාරට පිවිස බොරැල්ල දෙසට ගමන් කල හැකිය.
එසේම මොඩල් ෆාම් හන්දියෙන් පරණ බුර්ලස් පාර ඔස්සේ කනත්ත වටරවුම දෙසට ගමන් කල හැකිය.