Friday, November 20, 2026
Follow Us
2027 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්විමසීම අද
2027 අයවැය යෝජනා සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 13 සිට අද (20) දක්වා දින 7ක් පැවැත් වීමෙන් අනතුරවු අද (20) ප.ව. 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
 
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
 
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04 ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව තිබේ.
 
ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වේ.
 
අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30 සිට පෙ.ව 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ.
 
පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සහ පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වේ.
 
ඡන්ද විමසීම් පැවැත්වෙන අද (20) සහ දෙසැම්බර් 14 යන දෙදින හැර අන් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් වෙන් කර තිබේ.