2026 නොවැම්බර් 18 වන දින කොළඹදී පැවති අධ්‍යාපනය සඳහා වන ගෝලීය හවුල්කාරිත්වය විසින් සංවිධානය කරනු ලබන (Global Partnership for Education – GPE) නියෝජිත හමුවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.
නොවැම්බර් 17 සිට 19 දක්වා පැවති මෙම හමුව සඳහා GPE ආසියා සහ පැසිෆික් කලාපය, නැගෙනහිර යුරෝපය, මැදපෙරදිග, මධ්‍යම ආසියාව සහ උතුරු අප්‍රිකානු කලාපවල අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිතයෝ සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරණු දක්වමින් එම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම බව සඳහන් කළාය. තරගකාරීත්වයෙන් යුතු විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් සිසුන්ගේ සමාජීය කුසලතා, නිර්මාණශීලීත්වය, විවේචනාත්මක චින්තනය සහ මානසික යහපැවැත්ම වර්ධනය වීම සීමා වී ඇති බවද අග්රාමාත්යයරිට මෙහිදී පෙන්වා දුන්නාය.
ඒ අනුව, ඇගයීම් ක්‍රමවේදයන් මෙන්ම කුසලතා, ආකල්ප සහ පරිපූර්ණ ඉගෙනුම් ක්‍රියාවලිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ශිෂ්‍ය කේන්ද්‍රීය හා අන්තර්ක්‍රියාකාරී ඉගැන්වීම් ප්‍රවේශයක් හඳුන්වාදීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
මෙම ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ගුරු අධ්‍යාපනය ශක්තිමත් කිරීම, ගුරු වෘත්තියෙහි වෘත්තීයමය මට්ටමට ඉහළ නැංවීම සහ යටිතල පහසුකම් සංවර්ධනයට කිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන්නාය. එමෙන්ම, අධ්‍යාපන ක්ෂේත්රයේ පාසල්වල පවතින විෂමතා අවම කරමින් දිවයින පුරා සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශ අවස්ථා සහතික කිරීම වෙනුවෙන් පාසල් යටිතල පහසුකම්, ඩිජිටල් සම්බන්ධතා සහ ඵලදායී ඉගැනුම් ඉගැන්වීම් පරිසරයන් සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
ජාත්‍යන්තර අර්බුද තත්ත්වයන් අධ්‍යාපනය සදහා වන මූල්‍යකරණයට ඇති කරන බලපෑම පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ රජය විසින් ඉදිරිපත් කළ අයවැය තුනෙහිදීම අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඉහළ නංවා ඇති බවයි. එම ප්‍රතිපාදන ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනිමින් අධ්‍යාපන පද්ධතිය තුළ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහතික කිරීමේ අවශ්‍යතාව පිළිබඳව එතුමිය අවධාරණය කළාය.
රජය සිදු කරමින් සිටින්නේ හුදෙක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් නොව, සමස්ත අධ්‍යාපන පද්ධතියම පරිවර්තනය කිරීමේ වඩාත් පුළුල් හා අභියෝගාත්මක කාර්යයක් බව අග්‍රාමාත්‍යවරිය එහිදී තවදුරටත් අවධාරණය කළාය. මානව ප්රාග්ධනය සඳහා ආයෝජනය කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස අඛණ්ඩව පවතින බවද ඇය යළිත් තහවුරු කළාය.