රත්නපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණය (The University Professorial Medical Complex of the Teaching Hospital Ratnapura) ඉදිකිරීම් ප්‍රගතිය සහ ඉදිරි පියවර සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (19) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම මෙන්ම රත්නපුර සහ අවට ප්‍රදේශවල ජනතාවට වැඩිදියුණු කළ විශේෂඥ සෞඛ්‍ය සේවාවක් සැපයීම ද අරමුණු කරගනිමින් රත්නපුර ශික්ෂණ රෝහලේ විශ්වවිද්‍යාල මහාචාර්ය වෛද්‍ය සංකීර්ණය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් හි වත්මන් තත්ත්වය, අදියර වශයෙන් සායනික කටයුතු ආරම්භ කිරීම, උපකරණ සහ ගෘහභාණ්ඩ ප්‍රසම්පාදනය, කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ යෙදවීම, අවබෝධතා ගිවිසුම (MOU) සහ පරිපාලන ව්‍යුහය යන කරුණු පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදි.
එහිදී මහාචාර්ය ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින බවත් 2026 දෙසැම්බර් වන විට එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කිරීමට අපේක්ෂා කෙරෙන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය චම්පික ගමකරණගේ මහතා පෙන්වා දුන් අතර, හැකි විධිමත් භාරදීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී ඇතත් එය සම්පූර්ණ වීමට මාස කිහිපයක් ගත විය හැකි බව ද පැවසීය.
බාහිර රෝගී සායන සහ ප්‍රධාන වාට්ටු පහක් සඳහා මෙම ගොඩනැගිල්ලේ ප්‍රමාණවත් ඉඩකඩ ඇති බැවින්, අද පැවැත්වෙන සාකච්ඡාවට අදාළව අත්‍යවශ්‍ය කරුණු කඩිනමින් සපුරාලන්නේ නම් 2026 දෙසැම්බර් මාසයේදී මහාචාර්ය ඒකකය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ හැකි බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදි.
දැනට පවතින තුන් අවුරුදු අවබෝධතා ගිවිසුම 2026 දෙසැම්බර් 08 වන දිනෙන් අවසන් වීමට නියමිත බැවින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) නිර්දේශවලට අනුකූලව නව මහාචාර්ය ඒකකය සඳහා විධිමත් පරිපාලන සහ සායනික පාලන රාමුවක් (Governance Framework) ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී කරුණු දක්වන ලදි.
එමෙන්ම ව්‍යාපෘති අධ්යක්ෂවරයාට අනුව, ඇඳන්, ට්‍රොලි, ගෘහභාණ්ඩ සහ අත්‍යවශ්‍ය ජෛව වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සෞදි අරමුදල් ලබා ගත නොහැකි බැවින්, මෙම අවශ්‍යතා දේශීය අරමුදල් ප්‍රතිපාදන හරහා සපුරාලිය යුතු බව ද මෙහිදී දැනුවත් කරන ලදි.
මහාචාර්ය ඒකකය සඳහා අදියර වශයෙන් කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල සපුරාලීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම 2020 වර්ෂයේදී ස්ථාපිත කරන ලද මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි අවශ්‍යතා පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වු අතර. සිසුන්ගේ සායනික පුහුණුව (Clinical Training) සහ මහාචාර්ය ඒකක පුහුණුව ප්‍රධාන වශයෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහල (Teaching Hospital Kalutara) සහ ඊට අමතරව හොරණ සහ පානදුර මූලික රෝහල් කේන්ද්‍ර කරගනිමින් ලබාදෙන බැවින් එම කටයුතු තවත් විධිමත් හා කාර්යක්ෂම කිරීම පිළිබඳව එහිදී අවධානය යොමූ විය.
සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශවල ඒකාබද්ධ ප්‍රතිපත්තිමය සහ පරිපාලනමය සහයෝගය ඇතිව සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ සායනික සේවාවන් අදියර වශයෙන් ආරම්භ කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් සහගත වැඩපිළිවෙළ තුළ ඉදිරි තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන බව මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.
මහල් නවයකින් සමන්විත මෙම ගොඩනැඟිල්ල තුළ ඇඳන් 460ක ධාරිතාවක්, ශල්‍යාගාර අටක්, ඇඳන් හතකින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්, නොමේරු ළදරු ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය, මාතෘ, ළමා, මානසික හා ශල්‍ය වාට්ටු මෙන්ම සායන සංකීර්ණයකින් ද යුක්තය.
මෙම මහාචාර්ය ඒකකය ක්‍රියාත්මක වීමත් සමඟ රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සේවා ධාරිතාව පුළුල් වන අතර, සංකීර්ණ ශල්‍යකර්ම, දැඩි සත්කාර ප්‍රතිකාර සහ විශේෂිත මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ඇතුළු ප්‍රතිකාර පහසුකම් තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, අතිරේක ලේකමි චාමික ගමගේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ (SUSL) වැඩබලන උපකුලපති මහාචාර්ය සැමුවෙල් අන්බහන් ආරියදුරෙයි (Professor Samuel Anbahan Ariadurai), සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය චම්පික ගමකරණගේ,
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සේනක ඩී. පිලපිටිය ඇතුළු සෞඛ්‍ය, අධ්‍යාපන සහ විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ක්ෂේත්රයේ විද්වතුන් පිරිසක් එක්ව සිටියහ.