විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණ සිටින නිලධාරින් වෙත අගෝස්තු මස වැටුප ගෙවීමට මුදල් නිදහස් නොකරන බව භාණ්ඩාගාරය විසින් දැනුම් දි ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කර තිබේ.
.
සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු පසුගිය 17 වැනිදා සිට අවලංගු කරනු ලැබිණි.
තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියලුම සාමාජිකයින් වහාම සේවයට වාර්තා කරන ලෙසත්, අසනීප නම් රජයේ වෛද්ය සහතික ඉදිරිපත් කරන ලෙසත්, තැපැල්පතිවරයා දැනුම් දී ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කර ඇත්තේ සේවයට නොපැමිණෙන නිලධාරින් සම්බන්ධයෙන් කාර්ය පටිපාටික රීතින්වල විධිවිධාන අනුව තනතුර අතහැර ගියා සේ සළකා කටයුතු කිරීමට සිදුවන බවයි.