අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කිරීම සඳහා වන නව රජයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීමේ අරමුණින් විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාව මත අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය සඳහා පත් කළ ස්වේච්ඡා උපදේශන සභාවේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
එම පත් කිරීම් සිදු කරන ලද්දේ සෑම අමාත්‍යවරයෙකුට ම ස්වකීය කාර්යය හා කර්තව්‍යයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහය වීම පිණිස උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හා නිර්දේශවලට අනුකූලවයි.
එම උපදේශන සභාවේ සාමාජිකයින් ලෙස
• පූජ්‍ය මොරකන්දේගොඩ ආරියවංශ හිමි - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය
• මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා මහතා- සම්මානිත මහාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
• මහාචාර්ය ශ්‍යාමනී හෙට්ටිආරච්චි මිය - මහාචාර්ය, ආබාධිතතා අධ්‍යයන අංශය,
වෛද්‍ය පීඨය, කැළණිය විශ්වවිද්‍යාලය
• ආනන්ද ගලප්පත්ති මහතා - ළමා වර්ගවාදය හා ගෝලීය සෞඛ්‍ය පිළිබඳ
ලැන්සෙට් (Lancect) කොමිෂන් සභාවේ කොමසාරිස්
• ආචාර්ය සෙන්ගරපිල්ලෙ අරිවලහන් මහතා - සංඛ්‍යානය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය.
යාපනය විශ්වවිද්‍යාලය
• වෛද්‍ය සයුරි රුවන්මලී පෙරේරා මහත්මිය - මනෝචිකිත්සාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාය, පේරාදෙණිය වෛද්‍ය පීඨය සහ මනෝ චිකිත්සක පිළිබඳ උපදේශක,
පේරාදෙණිය ශික්ෂණ රෝහල
• ධම්මික අලහප්පෙරුම මහතා -සභාපති, ලංකා ගුරු සේවා සංගමය
• රමිඳු පෙරේරා මහතා - කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
• රත්නායක කරුණාසිරි මහතා -විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ
• වෛද්‍ය වයි. එච්. ශෂිදර ද සිල්වා මහතා - වෛද්‍යවරුන් සඳහා වන ක්‍රීඩා
වෛද්‍ය යෝග්‍යතා ජාතික පුහුණු වැඩසටහනේ සම්පත් දායක
• ටී.ජෝන් ක්වින්ටස් මහතා - විශ්‍රාමික අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්
• ටී. එම්. ප්‍රේමවර්ධන මහතා - විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ
• ආචාර්ය ජානක ජයලත් - ජේෂ්ඨ කථිකාචාර්ය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
• ආචාර්ය වසන්ත හේරත් - ආසියා පැසිපික් මුල් ළමාවිය සංවර්ධන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත.
යන මහත්ම මහත්මීහූ සාමාජිකයින් ලෙස පත්වීම් ලබා ගත්හ.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.