හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
ඒ්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැති රාජ්‍ය නායක සමුළුවකට සහභාගිවී ලන්ඩන් නුවර හරහා මෙරටට පැමිණීමේදී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේයි.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය පැමිණි අතර ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.