Friday, August 15, 2025
Follow Us
BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලියට කණ්ඩායමට සුබ පැතුම්
BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය - 2025, අගෝස්තු 17 සිට 23 දක්වා තායිවානයේ දී පැවැත්වීමට නියමිතයි.

 

ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම ශූරතාවලිය සඳහා සහභාගී වන ක්රීඩක කණ්ඩායම පසුගියදා(13) තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ අමාත්යවරයා හමුවිය.
එහිදී අමාත්යවරයා, BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන බේස්බෝල් (baseball) ක්රීඩක කණ්ඩායමට ජයග්රහණය උදෙසා සුබ පැතුම් එක් කරන ලදී. මෙම හමුව, තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යංශයේ දී සිදු කෙරිණි.