Saturday, February 14, 2026
Follow Us
අමෙරිකාවෙන් ඉන්දියාවට තීරු බද්ද 50% දක්වා වැඩි කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25%ක් අයකිරීමට අද (6) තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව විසින් රුසියානු බොරතෙල් අඛණ්ඩව ආනයනය කිරීමට ගත තීරණයට 'දඬුවමක්' ලෙස මෙලෙස අතිරේක තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබේ.  

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරු බදු අනුපාතය අනුව ඉන්දියාවෙන් 25%ක බදු ප්‍රතිශතයක් අයකිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

ඒ අනුව අමෙරිකාව විසින් ඉන්දියාවට පැන වූ සමස්ත බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ ගියේය.