Saturday, February 14, 2026
Follow Us
ඇමෙරිකානු තීරු බද්ද % දක්වා අඩු කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබෙන බව මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. 

ඔහු ප්‍රකාශ කළේ වසර ගණනාවක් ගත වන මෙවැනි ක්‍රියාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙහෛසකර ක්‍රියාවලිය තුළ දින 90ක් වැනි කාලයක් තුළ මෙම සහනය ලබා ගැනීමට හැකි වූ බවයි.

එසේම කලාපීය වෙළෙඳපොල තරගකාරීත්වයට මුහුණුදීමට හැකි අවස්ථාව ද මෙමඟින් උදා වන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.