Tuesday, August 05, 2025
Follow Us
ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි

ජූලි මාසයේ දී පමණක් සංචාරකයින් 200,244 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

එය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.

ඒ අනුව 2025 වසරේ පළමු මාස 7 අවසන් වන විට දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,368,388 ක් ලෙස වාර්තා වේ.

මෙම වසරේ ආසියාතික, මැදපෙරදිග සහ යුරෝපීය රටවලින් පැමිණි සංචාරකයන්ගේ සැලකිය යුතු වර්ධනයක් අදාළ වාර්තාවෙන් පෙන්නුම් කරයි.