Saturday, August 09, 2025
Follow Us
කුරුඳු අස්වැන්න වැඩි කිරීමට ගාල්ලේ විවිධ වැඩසටහන්

කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් දිස්ත්‍රික්කයේ කුරුදු නිෂ්පාදනවල ගුණාත්මක බව සහ අස්වැන්න වැඩි කිරීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත.

පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී මේ බව අනාවරණය කෙරිණ.

දිස්ත්‍රික්කයේ කුරුඳු නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩි කිරීම සඳහා උචිත තාක්ෂණය භාවිතා කිරීමේ වැඩසටහනක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.

කුරුදු නිෂ්පාදනවල පසු අස්වනු තාක්ෂණ ක්‍රියාවලිය විධිමත් කිරීම තුළින් නිෂ්පාදන ගුණාත්මය ඉහළ නැංවීම හා අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කිරීම වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කුරුඳු සැකසුම් මධ්‍යස්ථාන 06 ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2.1ක මුදලක් යොදවා ඇත.

කුරුඳු කොළ තෙල් නිස්සාරණ මධ්‍යස්ථාන 02ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.6 ක මුදලක් වෙන් කර ඇත.

කුරුඳු වියලන යන්ත්‍රයක් ද මේ යටතේ මිලදි ගැනේ.

එමෙන්ම කුරුඳු වගා වපසරිය වැඩි කිරීම තුළින් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා හෙක්ටයාර් 38.06 ක ප්‍රතිලාභීන් 192 ක් වෙනුවෙන් කුරුදු පැළ 342550ක් බෙදා දී ඇත.

පවත්නා කුරුඳු වගා භූමිවල පාලු පැළ සිටුවීම සඳහා කුරුදු පැළ 186 929ක් ප්‍රතිලාභීන් 375 ක් වෙනුවෙන් ලබාදීමට රුපියල් මිලියන 9කට වැඩි මුදලක් වෙන් කර ඇත.