සෞඛ්ය හා ජනමාධ්ය ක්ෂේත්රය සහ දෙරට අතර ද්විපාර්ශවික සබඳතා මෙන්ම WHO අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේ සූදානම පිළිබඳවත් සාකච්ඡා කෙරේ.
ශ්රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී.එම්. සලාහුදීන් මහමුද් (Mr. D.M. Salahuddin Mahmud) මහතා ඊයේ (04) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා හමුවී මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ වත්මන් ක්රියාකාරීත්වය, අනාගත සැලසුම් සහ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සම්බන්ධයෙන් සුහඳ පිළිසඳරක නිරත විය.
එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේ සූදානම පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණ.
මෙම හමුව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී සිදු වූ අතර, මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී විය
ඩී.එම්. සලාහුදීන් මහමුද් මහතා සිය ධුර කාලය තුළ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර සෞඛ්ය ක්ෂේත්රයේ පවතින සහයෝගීතාව වැඩිදියුණු කිරීමටත් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්ර සබඳතා සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසීය.
සෞඛ්ය සේවා සංවර්ධනයේ දී වෛද්ය හා තාක්ෂණික දැනුම හුවමාරුව මෙන්ම දෙරටේ සෞඛ්ය ක්ෂේත්රයන්හි අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණි.
මෙහිදී සෞඛ්ය අමාත්යවරයා මෙරට නව බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී.එම්. සලාහුදීන් මහමුද් මහතා වෙත සුබපැතුමි එක් කළ අතර, මෙරට සෞඛ්ය සහ ජනමාධ්ය ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් රජයේ ඉදිරි සැලසුම් සහ අභියෝග පිළිබඳ කරුණු දක්වන ලදි.
ශ්රී ලංකාවේ රාජ්යතාන්ත්රික සේවයට එක්වීමට පෙර ඩී.එම්. සලාහුදීන් මහමුද් මහතා වොෂින්ටන් ඩී.සී. හි පිහිටි බංග්ලාදේශ තානාපති කාර්යාලයේ නියෝජ්ය දූත මණ්ඩල ප්රධානියා (DCM) සහ භාරකාර නිලධාරියා (Charge d'Affaires) ලෙස කටයුතු කළ පළපුරුදු රාජ්යතාන්ත්රිකයෙකි.
මෙම අවස්ථාවට බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක ජන්නතුලා හබීබ් (Mr. Jannatula Habib) මහතා ද එක්ව සිටියහ.