ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඇතුළු දූත පිරිස අද (06) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ.
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය Mikhail Murashko මහතා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය සාර්ථකව නිම කර අද (05) උදෑසන දිවයිනෙන් පිටව ගියේය.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද පස්වරුවේ (03) මෙරටට පැමිණීමට නියමිතයි.
හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙයි.
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා හෙට(03) දිවයිනට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දුනීසියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Muhammad Anis Matta මහතා ප්‍රමුඛ දූත පිරිස සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලෆ්ෆර් මහතා අතර නිල හමුවක් පසුගියදා (24) අමාත්‍යංශ,
සංස්කෘතික අංශයේ දී පැවැත්විණ.
දෙදින රාජ්ය සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (04) ජනාධිපති කාර්යාල පරිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා පසුගියදා (300 අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා පාකිස්තානයට නොයන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් හට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණි තිබේ.
Page 3 of 384