දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර තිබේ.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ( 02 ) පස්වරු 3 ට නවි මුම්බායි ( NAVI MUMBAI ) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය . මෙම අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ය.
රියාද් හි පැවැත්වීමට නියමිත 26 වන එක්සත් ජාතීන්ගේ සංචාරක මහ සභා රැස්වීමට නිල වශයෙන් ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ.
දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර තිබේ.
චීනය හා ආසියාන් සංවිධානය නිදහස් වෙළඳ කලාප තුන්වන කාණ්ඩයේ (3.0) උත්ශ්‍රේණිගත ලේඛණයට අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
රියාද්හි පැවැත්වෙන 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු අතර ඵලදායී ද්විපාර්ශ්වික හමුවක් ඊයේ (09) පවත්වා තිබුණි.
වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය" ඊයේ (04) පිරිනමනු ලැබීය.
තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින මියගොස් ඇති බව වාර්තා වෙයි.
ඇමසන් වෙබ් සේවාවන්හි සිදුවූ විශාල දෝෂයක් හේතුවෙන් ලොව පුරා ජනප්‍රිය වෙබ් අඩවි සහ යෙදුම් ඊයේ (20) ක්‍රියා විරහිත වු අතර මෙම දෝෂය නිසා ලොව පුරා මිලියන ගණනක් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වූ බව, විදෙස් මාධ්‍යවල සඳහන් වේ.
රජයේ සංවර්ධන දැක්ම තිරසාරත්වය සහ මානව ගරුත්වය මුල් කරගත්තක් බවත් සෑම ප්‍රජාවකගේම ජීවන තත්ත්වය නඟා සිටුවීම වගේම සංවර්ධනය රටේ සෑම තැනකටම ළඟා වන බව සහතික කිරීම රජයේ අරමුණ වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
සිය පළමු ඉන්දීය නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 16 වන දින නවදිල්ලි නුවර දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) නියෝජිතයින් හමුවිය.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු අති උතුම් පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
මෙවර වසන්ත කාලයේ වාර්තාගත උෂ්ණත්වයක් පවතින අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට කෘමීන් පිළිබඳ පර්යේෂකයකු වන ජෝර්න් ජොල්ටසන් ප්රකාශ කර ඇත්තේ පසුගිය සතියේ රාත්‍රීන් කිහිපයකදි මදුරු විශේෂයන් හඳුනාගැනීමට හැකි වූ බවය. එම මදුරු විශේෂය ශීත කාලයේ වඳවීමකට ලක් නොවන මදුරු විශේෂයක් බවත්, වසන්ත කාලයේදී උන් එළිමහන් ප්‍රදේශවල බෝවීම සිදුවන බවත් කෘමීන් පිළිබඳ පර්යේෂකයා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් ඔක්තෝබර් 15 වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියා ය.
Page 3 of 373