Monday, September 14, 2026
Follow Us
පෞද්ග­ලික දිගු දුර ජෙට් යාන­යක් හිමි පළමු ශ්‍රී ලාංකි­කයා රත්ම­ලා­නට

පෞද්ග­ලික දිගු දුර ජෙට් යාන­යක් හිමි පළමු ශ්‍රී ලාංකි­කයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සිය ජෙට් යාන­යෙන් රත්ම­ලාන ගුවන් තොටු­පොළ වෙත පැමි­ණි බව වාර්තා වෙයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යා­ල­යෙන් අධ්‍යා­ප­නය ලබා ඇති රොෂ් ජලග්ගේ මහතා, මේ වන­විට ඕස්ට්‍රේ­ලි­යාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර­යට සම්බන්ධ ව්‍යාපාර රැසක හිමි­කා­ර­ත්වය දරන ශ්‍රී ලාංකික බිලි­ය­න­ප­ති­යෙකි.

ඔහු මෙර­ටට පැමිණි Gulf Stream G-V ගුවන් යාන­යට කිලෝමීටර් 12,000ක දුරක් එක දිගට පියා­සර කළ හැකිය.