Sunday, April 20, 2025
Follow Us
රාජා අල (දන්දිල) හැලප

සුදු හාල් පිටි කෝප්ප භාගයක් (කඩේ පැකට් හාල් පිටි

භාවිත කරන්න පුලුවන්)

පොතු හැර හොඳින් තම්බා ගත් දන්දිල අලයක්

අවශ්‍ය නම් කුරහන් පිටි මේස හැන්දක

සීනී ඔබේ රස පදමට

සිහින්ව ගා ගත් පොල් කෝප්ප භාගයක්

ලුණු ස්වල්පයක්

නැවුම් කැන්ද කොළ නැත්නම් ෆොයිල් පේපර්

මුලින්ම තම්බා ගත් දන්දිල අල භාජනයකට දමා අතින් හොඳින් පොඩි කරන්න. ඒකටම හාල් පිටි, අවශ්‍ය නම් කුරහන් පිටි මේස හැන්ද, සීනී, පොල් හා ලුණු ස්වල්පයක් එකතු කර අතින් මිශ්‍ර කර ඝනකම තලපයක් හදාගෙන එයින් පොඩි බෝල සාදා පසෙකින් තියන්න. දැන් පැතලි පිඟානක කැන්ද කොළ තියා පොල්තෙල් ස්වල්පය බැගින් තවරා ගන්න.

කැන්ද කොළයේ භාගයකට එක් බෝලය බැගින් තියා කොළේ අනිත් භාගයෙන් වසා තුනී කරන්න. ඔක්කොම ටික ඒ විදිහට හදා ගත්තාට පසු ස්ටීමරයක විනාඩි 15ක් පමණ තම්බා ගන්න.

(Tharunie)