Sunday, April 20, 2025
Follow Us
වතුර ගස් (දිය තිප්පිලි) සම්බෝලය

දිය තිප්පිලි (ගසේ උඩින් ඇති රේණු වගේ කොටස ඉවත් කර පිරිසුදු කර ගන්න)

සිහින්ව ලියාගත් රතු ලූනු

සිහින්ව ලියාගත් අමු මිරිස්

ලියාගත් කුඩා තක්කාලි ගෙඩියක්

පදමට ලුණු

ගා ගත් පොල් ටිකක්

උම්බලකඩ ටිකක් (අවශ්‍ය නම් පමණක්)

 

දිය තිප්පිලි සිහින්ව ලියා භාජනයකට දමා රතු ලූනු, අමුමිරිස්, පොල්, තක්කාලි, ලුණු හා උම්බලකඩ දමා කොළ පොඩි නොවෙන විදිහට කලවම් කරන්න. රසවත් කොළ වර්ගයක් වූ දිය තිප්පිලිවල තිත්ත රසයක් නැති නිසා දෙහි ඇඹුල් එකතු කරන්න අවශ්‍ය නෑ. (කෑමට මොහොතකට පෙර හදා ගන්නවා නම් හොඳයි.)

(Tharunie)