Friday, March 29, 2024
Follow Us
හතු මිශ්‍ර බටු බැදුම

වම්බටු ග්‍රෑම් 250ක්

හතු ග්‍රෑම් 150ක්

බැද ගැනීමට තෙල්

ලොකු ලූනු ගෙඩි 2ක්

අමු මිරිස් කරල් 4ක්

රම්පෙ, කරපිංචා ඉති 3ක්

කෑලි මිරිස් මේස හැඳි 1ක්

තක්කාලි ගෙඩි 2ක්

තක්කාලි සෝස් මේස හැඳි 4ක්

විනාකිරි මේස හැඳි 2ක්

තෙල් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 1 - 2ක්

ලුණු රස පදමට

අබ කුඩු තේ හැඳි 2ක්

කජු ස්වල්පයක්

 

 

වම්බටු සහ හතු සිහින්ව ලියා ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් බේරෙන්නට (පෙරනයක) දමා ස්වල්ප වේලාවක් තබන්න. මැටි බඳුනක් ගෙන එයට තෙල් මේස හැඳි 2ක් දමා රත්වූ පසු සිහින්ව ලියාගත් ලූනු, අමුමිරිස්, දමා බැදගන්න. එයටම රම්පෙ, කරපිංචා දමන්න. කෑලි මිරිස් ද එකතු කරන්න. තක්කාලි ගෙඩි 2 සිහින්ව කොටුවට කපා එකතු කරන්න. එයටම බැදගත් වම්බටු සහ හතු ටික දමා කළවම් කරන්න. ඉන්පසු විනාකිරි, අබ කුඩු, තක්කාලි සෝස්, සීනි, ලුනු රස පදමට දමා හොඳින් කළවම් කරන්න. දීසියකට මිශ්‍රණය දමා බැදගත් කජුවලින් සරසා ගන්න.

(Tharunie)