Thursday, April 25, 2024
Follow Us
කිතුල් හකුරු මිශ්‍ර පොල් අග්ගලා

සිහින්ව ගා ගත් පොල් බෑයක්

සූරාගත් කිතුල් හකුරු බෑයක්

තළාගත් කරදමුංගු හා කරාබු නැටි 4ක්

බටර් මේස හැන්දක්

යන්තමින් කබලේ බැද දෙකට කපාගත් කජු මද ටිකක්

 

 

මුලින්ම ගා ගත් පොල් ටික ගලේ අඹරා ගන්න. නැත්නම් වංගෙඩියක කොටා ගන්න. පොල් ටික භාජනයකට දමි මඳ ගින්දරේ හැඳි ගාමින් පොඩ්ඩක් කබලේ බැද ගන්න. (එයින් ටිකක් අග්ගලාවල තැවරීම සඳහා පසෙකින් තබා ගන්න) නැවතත් නන්ස්ටික් භාජනයක් ළිපේ තබා රත් වූ පසු බටර් එකතු කර එයට කරදමුංගු හා කරාබු නැටි එකතු කරන්න.

යන්තම් බැදෙනකොට පොල් එකතු කර මඳ ගින්නේ හැඳි ගාන්න. එයටම හකුරු සහ කජු මද එකතු කරන්න. ටික වෙලාවකින් මිශ්‍රණය එක ගුළියකට එනවා. එතකොට ළිප ඕෆ් කර මිශ්‍රණය මඳක් නිවෙන්නට තබන්න. දැන් මිශ්‍රණය හොඳට අතින් මිශ්‍ර කර කුඩා බෝල හදා ගෙන කලින් අරන් තියපු පොල්වල තවරා ගන්න. උඩින් කජු මදයක් තියන්නත් පුළුවන්.

(Tharunie)